දිවයින පුරා ග්‍රාමීය පාලම් 250ක් ඉදිකිරීමට නෙදර්ලන්තය යුරෝ ලක්ෂ 521 ක මුදලක් ලබා දීමට එකගවී තිබෙනවා.
පාලම් ඉදිකිරීමට අදාළ ව්‍යාපෘතිය සදහා වන ගිවිසුමට මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේදී අත්සන් තැබුණා. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් අත්සන් කළේ මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එස් ආර් ආටිගල මහතායි. රජයේ ග්‍රාමීය පාලම් හාරදහසක් ඉදිකිරීමේ වැඩපිළිවෙළ යටතේයි මෙය ක්‍රියාත්මක වන්නේ. දුර බැහැර ගම්මාන මුල්කර ගනිමින් වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනවා.