පාර්ලිමේන්තුව විසුරුවීමට එරෙහි පෙත්සම් විභාගයට සත් පුද්ගල විනිසුරු මඬුල්ලක්
Related Articles
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නිකුත් කළ ගැසට් පත්‍රය අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීම සදහා විනිසුරුවරුන් හත් දෙනෙකුගෙන් යුතු පූර්ණ විනිසුරු මඩුල්ලක් පත්කිරීමට අගවිනිසුරුවරයා තීරණයකර තිබෙනවා.
අගවිනිසුරු නලීන් පෙරේරා සහ විනිසුරුවරුන් වන බුවනෙක අලුවිහාරේ ,සිසිර ද ආබෘෘ , ප්‍රියන්ත ජයවර්ධන , ප්‍රසන්න ජයවර්ධන , විජිත් මලල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් විනිසුරු මඩුල්ලේ සාමාජිකයන් වනවා. අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේ පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස නීතිපතිවරයා , මහාචාර්ය ජී එල් පීරීස් මහතා ඇතුළු පාර්ශ්ව පහක් මෝසම් මගින් ඉල්ලා තිබුණා. ව්‍යවස්ථාමය සහ ජාතික වැදගත්කමකින් යුත් කරුණක් පෙත්සම්වල අඩංගු බැවින් ඒ සදහා පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලා සිටින බවයි එම මැදිහත්කාර පාර්ශ්වයන් පවසා ඇත්තේ. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නිකුත් කළ ගැසට් පත්‍රය තාවකාලිකව වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය ලබන මස 7 වනදා තෙක් බලපැවැත්වෙනවා. අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය ලබන මස 4 වෙනිදා ආරම්භ කිරීමට නියමිතයි. ගැසට් පත්‍රයේ සදහන් ආකාරයට ඉදිරි කටයුතු සිදුකිරීම වලකාලමින් මැතිවරණ කොමිෂන් සභාවටද ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. එම නියෝගය ද ලබන මස 7 වනදා තෙක් බල පැවැත්වෙනු ඇති.
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment