එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය හදිසි රැස්වීමක් කඳවා තිබෙනවා. ඒ යුක්රේනය සහ රුසියාව අතර හටගෙන ඇති අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි.
යුක්රේන නෞකා තුනක් රුසියාව වෙඩිතබා සිය භාරයට ගැනීමත් සමගයි මෙම තත්වය හටගත්තේ. යුක්රේනයේ කිව් අගනුවර රුසියා තානාපති කාර්යාල ඉදිරිපිට මේ වනවිට විරෝධතා ද පැවැත්වෙනවා. විරෝධතාකරුවන් මෝටර් රථයක් ගිනිතබා ඇති බවයි ප්රවෘත්ති වාර්තා සඳහන් කරන්නේ. බහුතර රටවල් සිද්ධිය සම්බන්ධයෙන් රුසියාවට චෝදනා එල්ල කර තිබෙනවා. සිද්ධියෙන් යුක්රේන සාමාජිකයන් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බව ද වාර්තා වුණා.