වේලුපිල්ලේ ප්රභාකරන්ගේ උපන්දිනය නිමිත්තෙන් ඔහුගේ වැල්වැටිතුරේ නිවසේදී සැමරුම් උත්සවයක් සංවිධාන කළ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්රී එම්.කේ ශිවාජිලිංගම් මහතා ඇතුළු පිරිසක් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම පිරිස පොලීසියට රැගෙන ගොස් ප්රශ්න කිරීමෙන් අනතුරුව නිදහස් කර ඇති බවයි වාර්තා වන්නේ. අද උදෑසන ශිවාජිලිංගම් මහතාගේ ප්රධානත්වයෙන් මෙම මහවිරු සැමරුම් උත්සවය සංවිධාන කර තිබුණා. පොලීසිය පැමිණ උත්සවය නතර කොට පිරිස අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන්ගේ හැදුනුම්පත් පොලීස් භාරයට ගෙන ඇති අතර සියලු දෙනාටම පොලිස්ථානය පැමිණෙන ලෙසද දැනුම්දීමක් කර තිබුණා. ඒ අනුව පොලීසියට පැමිණි පිරිසගෙන් ප්රශ්න කර නිදහස් කර ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ. මීට පෙර රජය අවධාරණය කර සිටියේ කිසිදු මහවිරු උත්සවයක් පැවැත්වීමට අවසර නොදෙන බවයි.