සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන තුන් වන හා අවසන් ටෙස්ට් ක්රිකට් තරගයේ ජයග්රහණය සදහා ශ්රී ලංකා කණ්ඩායම තවත් ලකුණු 274ක් ලබා ගත යුතුයි. තරගයේ තුන් වන දිනය වූ අද තරගය නතර කරන විට ශ්රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 53ක් ලබා ගත්තා.
කොළඹ එස් එස් සී ක්රිකට් ක්රීඩා පිටියේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් එංලන්ත කන්ඩායම සියළුදෙනා දැවී ලකුණු 336ක් ලබා ගත්තා. ඊට පිළිතුරු ලෙස ශ්රී ලංකා කණ්ඩායමට ලබා ගත හැකි වුණේ ලකුණු දෙසිය හතළිහක් පමණයි. මේ අනුව ලකුණු අනූ හයක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවන ඉනිම ඇරඹූ එංගලන්ත කණ්ඩායමට සියළුදෙනා දැවී ලබා ගත හැකි වුණේ ලකුණු දෙසිය තිහක් පමණයි. දිල්රුවන් පෙරේරා කඩුළු පහක් හා මාලින්ද පුෂ්පකුමාර කඩුළු තුනක් දවාගත්තා. ලක්ෂාන් සදකැන් කඩුලු දෙකයි. තරගයේ පන්දුවෙන් පන්දුව සජීව තොරතුරු ගෙන එන්නේ ලක්හඩ ගුවන් විදුලියයි.