සිසුන් පිරිසක් අතර ඇති වූ ගැටුමකදී තුවාල ලැබූ බේරුවල, අලුහුවෙසරා ජාතික පාසලේ ඉගෙනුම ලබන මොහොමඩ් තම්සීර් මොහොමඩ් තාරි නමැති ශිෂ්‍යයා මරණයට පත් වුණා.
පසුගිය විසි එක් වනදා පාසල තුළ සිසුන් පිරිසක් අතර ඇති වූ ගැටුමකදීයි මොහොමඩ් තම්සීර් මොහොමඩ් තාරි නමැති ශිෂ්‍යයා තුවාල ලැබුවේ. බේරුවල ප්‍රා දේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු කළුතර නාගොඩ මහ රෝහලට මාරු කෙරුණා. පසුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. තුවාල ලැබූ ශිෂ්‍යයා අද අලුයම මිය ගියා.