අගහරු ග්‍රහයා පිළිබද පර්යේෂණ පැවැත්වීම සදහා අභ්‍යවකාශ ගත කළ මාස් ඉන්සයිට් යානය අඟහරු ග්‍රහයා මතට හෙට ගොඩබස්වන බව නාසා ආයතනය පවසනවා.
ඉතා ඌෂ්ණ පරිසරයක් ඇති අඟහරු ග්‍රහයා මතට මාස් ඉන්සයිට් යානය ඉතා වේගයෙන් පතිත වනු ඇති බවටයි විද්‍යාඥයින් පවසන්නේ. යානය මගින් අඟහරු ග්‍රහයා නිර්මාණය වූ ආකාරය, එහි ඌෂ්ණත්වය ආදී කරුණු පිළිබදව ගවේෂණයක් සිදු කිරීමට නියමිතයි. කියුරියෝසිටි නම් යානයක් අඟහරු ග්‍රහයා පිළිබදව ගවේෂණය කරමින් සිටියදී අඟහරු ග්‍රහයා මතට තවත් යානයක් ගොඩබැස්සවීම ජයග්‍රහණයක් ලෙස සළකන බවයි නාසා ආයතනය පවසන්නේ. හෙට දිනයේදී යානය ගොඩබස්වන දර්ශන අන්තර්ජාලය ඔස්සේ නැරඹීමට ද පහසුකම් සලසා තිබෙනවා.