මව්කුස තුළදීම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වු බිළිදුන් 600ක්
Related Articles
මව්කුස තුළදීම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වු බිළිදුන් 600 දෙනෙකු 2015 වසරේ සිට මේ දක්වා ස්කොට්ලන්තයේ උපත ලබා ඇති බව එරට සෞඛ්‍ය වාර්තා පෙන්වා දෙනවා.
ගැබිණි සමයේදී මව අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට යොමු විම හේතුවෙන් මෙසේ බිළිදුන් මව්කුස තුළදිම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වි තිබෙන බවයි වෛද්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. එම බිළිදුන් සෙසු බිළිදුන්ට වඩා විශේෂිත ලක්ෂණ පෙන්නුම් කරන බවයි වෛද්‍යවරුන් පවසන්නේ. අසමබරතාව , වෙව්ලීම , අධි ක්‍රියාකාරිත්වයකින් යුතු වීම සහ අධි තීව්‍රරතාවයකින් හැඩීම මෙම දරුවන්ගේ ලක්ෂණ වනවා. 2015 වසරේ සිට 2016 වසර දක්වා මෙසේ මවගෙන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වු දරුවන් දෙසිය තුන්දෙනෙකුත් 2016 වසරේ සිට 2017 වසර දක්වා එකසිය අනුදෙනෙකුත් 2017 වසරේ සිට මේ දක්වා එකසිය අනු එක් දෙනෙකුත් පිලිබද තොරතුරු වාර්තා වී තිබෙනවා.
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment