රටේ ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කිරීම සදහා හැකි ඉක්මනින් මහ මැතිවරණයක් ලබාදෙන ලෙස ඉල්ලමින් මහජන පෙත්සමක් අත්සන් කිරිම කඩවතදී ආරම්භ වුණා.
පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතායි උත්සවය සංවිධාන කළේ. අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන,විමල් වීරවංශ යන මහත්වරුන්ද පෙත්සමට අත්සන් තැබුවා. අත්සන් දසලක්ෂයේ පෙත්සමට මහජන නියෝජිතයින්, සිවිල් සංවිධාන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් සහය පළ කළා.
මේ අතර කතානායකවරයාගේ පක්ෂග්රාහි ක්‍රියා කලාපයට විරෝදය පළ කරමින් තවදුටත් උද්ඝෝෂණ පැවැත්වෙනවා. පන්නල ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා ඇතුළු නියෝජිතයින්ගේ සහභාගිවිත්වයෙන් පන්නල නගර මධ්‍යයේදී උද්ඝෝෂණයක් පැවැත්වුණා. ප්‍රදේශවාසින් ඇතුළු විශාල පිරිසක් ඊට සහභාගි වුනා.
රංජිත් ලංසක්කාර – සභාපති – පන්නල ප්‍රාදේශීය සභාව,
[ot-video type=”youtube” url=”https://youtu.be/ikC9Us53kc8″]
කතානායක කරූජයසුරිය මහතා පාර්ලිමේන්තු සම්ප්‍රදායට පටහැනි ලෙස ක්‍රියා කිරිම පිලිබද විරෝදය පළ කරමින් ගල්නෑව බස්නැවතුම්පල ඉදිරිපිටදිද උද්ඝෝෂණයක් පැවැත්වුණා.