Life+News The Official News Portal of Independent Television Network Ltd

අග‍්‍රාමාත්‍යවරයා දළදා සමිදුන්ගේ ආශිර්වාද ලබයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 25, 2018 12:14

අග‍්‍රාමාත්‍යවරයා දළදා සමිදුන්ගේ ආශිර්වාද ලබයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා සමිදුන් වැද පුදා ගෙන ආශිර්වාද ලබා ගත්තා.

අද පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගය වෙත ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා  දළදා සමිදුන් වැද පුදා ගනිමින් ආගමික වතාවත්වල නිරත වුනා. නියෝජ්‍ය අමාත්‍ය අනනන්ද අලුත්ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ යන මහත්වරුන් ද මෙම අවස්ථාවට සහභාගි වුණා.

මේ අතර හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත ජෙනරාල් අනුරුද්ධ රත්වත්තේ මහතාගේ මහනුවර, මහයියාව පිහිටි නිවසේ පැවති දානමය පිංකම සදහාද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සහභාගී වුණා. අනුරුද්ධ රත්වත්තේ මහතා අභාවප්‍රාප්ත වී වසර හතක් සපිරීම නිමිත්තෙනුයි පිංකම  සංවිධාන කර තිබුණේ. ඒ මහතාගේ පවුලේ ඥාතීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 25, 2018 12:14
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්