කොළඹ මහනුවර ප්‍රධාන මර්ගයේ කෑගල්ල මීපිටිය ප්‍රදේශයේ නායයාමක් සිදුව තිබෙනවා. ඒ පිලිබදව සැලකිලිමත් වන ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ.
කෑගල්ල මීපිටිය ප්‍රදේශයේ සිදු වු නායයාමත් සමග අවට පිහිටි නිවාසවල ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා යොමු වන ලෙස දැනුම් දී තිබෙනවා. නායයම සිදු වු ස්ථානය ආසන්නයේ දුරකථන සම්ප්‍රේෂණ කුලුනක්ද පිහිටා තිබෙනවා. නායයාම හේතුවෙන් එය ඉතා අවදානම් තත්ත්වයකයි පවතින්නේ.
ජනතාව,
[ot-video type=”youtube” url=”https://youtu.be/-d3C4aDYt1c”]
මේ අතර මහනුවර වලපනේ ප්‍රධාන මාර්ගයේ පදියපැලල්ල කදුරකඩේ ප්‍රදේශයේ සිදු වු නායයාමත් සමග මාර්ගයට විශාල ගල් කිහිපයක් පෙරළි තිබෙනවා. මේ හේතුවෙන් ගමනාගමන කටයුතුවලට අඩාල වී ඇති අතර විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය ජනතාවට දැනුම් දෙන්නේ. මාර්ගය පිලිසකර කිරිමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා.