නවසීලන්තයේ උතුරු සහ දකුණු දූපත් එකිනෙකට සමීප වී ඇති බව භූ විද්‍යාඥයින් පෙන්වා දෙනවා.
2016 වසරේදී නවසීලන්තයේ සිදු වු රිච්ටර් පරිමාණ ඒකක හතයි දශම අටක ප්‍රබල භූ කම්පනයෙන් අනතුරුව උතුරු සහ දකුණු දූපත් මෙසේ සමීප වී ඇති බවයි භූ විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ. භූ කම්පනයෙන් පසු දකුණු දූපතේ නෙල්සන් නගරයට අයත් භූ ප්‍රමාණය අඩු වීමක් සිදු ව ඇති බවද ඔවුන් වැඩිදුරටත් සදහන් කරනවා.