Life+News The Official News Portal of Independent Television Network Ltd

එංගලන්ත ශ්‍රී ලංකා අවසන් ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 24, 2018 12:30

එංගලන්ත ශ්‍රී ලංකා අවසන් ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි

ශ්‍රී‍්‍ර ලංකාව සමඟ පැවැත්වෙන තුන්වන සහ අවසන් ටෙස්ට් කි‍්‍රකට් තරගයේ පළමු ඉනිම සදහා එංගලන්තය ලකුණු 336 ක් රැස්කළා.

පළමු දිනය නිමාවන විට එංගලන්තය කඩුලු හතක් දැවී රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 312 ක්. එභෙත් අද (24) උදෑසන සෙසු කඩුලු තුන දවා ගැනීමට ශ්‍රී‍්‍ර ලංකා පන්දු යවන්නන් සමත්වුණා. ලක්ෂාන් සඳකැන් ලකුණු 95 කට කඩුලු පහක් බිඳහෙලුවා. දිල්රුවන් පෙරේරා කඩුලු තුනක් බිඳහෙලිමට සමත්වුණා.

පළමු ඉනිම කි‍්‍රඩා කරන ශ්‍රී‍්‍ර ලංකා කණ්ඩායම දිවා ආහාරය සදහා තරගය නතර කරන විට කඩුල්ලක් දැවි ලකුණු 74 ක් ලබා සිටියා. ධනුෂ්ක ගුණතිලක දැවී ගියේ ලකුණු 18 කට. දිමුත් කරුණාරත්න සහ ධනංජය ද සිල්වා ලකුණු 28 බැගින් ලබාගෙන නොදැවි කි‍්‍රඩා කරනවා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 24, 2018 12:30
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්