ස්විට්සර්ලන්තයේ තීරණාත්මක ජනමත විචාරණයක් හෙට (25) පැවැත්වෙනවා. ඒ ජාත්‍යන්තර නිීතිය හා සම්මුතීන් අභිබවා ස්විට්සර්ලන්තයේ නීතිය පමණක් බලපැවැත්විය යුතුය යන්න තීරණය කිරිම වෙනුවෙන්.
ස්විට්සර්ලන්තයේ ප්රබලතම දේශපාලන පක්ෂය වන ස්විස් මහජන පක්ෂය ඇතුළු සංවිධාන රැසක් ඊට සහය පළකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අපරාධ වලට සම්බන්ධ නීතිවිරෝධී සංක්‍රමණිකයන් පිටුවහල් කිරිම වැනි අවස්ථා මගහැරී ඇත්තේ ජාත්‍යන්තර සම්මුතීන් වලට බැඳී සිටිම නිසා බවයි යෝජනාවට පක්ෂ පාර්ශවයන් පෙන්වා දෙන්නෙ. එමගින් තම රටේ මානව හිමිකම් අයිතිය දුර්වල විය හැකි බවටද චෝදනා එල්ල වනවා. යුරෝපා සංගමයේ සාමාජිකයෙකු නොවූවද ස්විට්සර්ලන්තය යුරෝපා සම්මුතින් රැසකට අත්සන් තබා ඇති රටක්.