සාමාන්‍ය පෙළ විභාගය සදහා අයදුම්කර ඇති බන්ධනාගාර රැදවියන් වෙනුවෙන් විශේෂ විභාග මධ්‍යස්ථානයක් ස්ථාපිත කරන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
රත්මලාන , තංගල්ල ,මාතර , හලාවත සහ කොළඹ මැගසින් යන බන්ධනාගාරවල මෙම විශේෂ මධ්‍යස්ථාන ස්ථාපිත කිරිමටයි විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙන්නෙ. සාමාන්‍ය පෙළ විභාගය ලබන මස 03 වනදා ආරම්භ වනවා. ඒ වෙනුවෙන් අයදුම්කරුවන් හය ලක්ෂ පනස් හය දහස් හයසිය හතලිස් එක් දෙනෙකු පෙනී සිටිමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කළා. ඒ වෙනුවෙන් කි‍්‍රයාත්මක විභාග මධ්‍යස්ථාන සංඛ්‍යාව හාර දහස් හයසිය හැට එකක්. සියලුම අයදුම්කරුවන් සදහා ප්‍රවේශ පත්‍ර මේ වන විට යොමුකර අවසන් බවත් විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා ප්‍රකාශ කළා.