ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර කෝස්ට් පළාතේ හමුදා කදවුරක් තුළ පිහිටි මුස්ලිම් දේවස්ථානයක බෝම්බ ප්රහාරයක් සිදුව තිබෙනවා.
බෝම්බ ප්රහාරයෙන් හමුදා නිලධාරීන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
පුද්ගලයින් 57 දෙනෙකුට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
ඇෆ්ගන් ජාතික හමුදාවේ දෙවන රෙජිමේන්තුවේ නිලධාරීන් ඉලක්ක කරගෙනයි ප්රහාරය එල්ලකර තිබෙන්නේ.
ඔවුන් එම අවස්ථාවේදී දේවස්ථානයේ ආගමික කටයුතුවල නිරතව සිටි තිබෙනවා.
ප්රහාරය ඉස්ලාමීය විරෝධී සහ අමානුෂීය ප්රහාරයක් බවයි ඇෆ්ගනිස්ථාන ජනාධිපති අෂ්රොෆ් ගානි සදහන් කරන්නේ.