Life+News The Official News Portal of Independent Television Network Ltd

සවුදි ජාතිකයන් 18 දෙනෙකුට ප‍්‍රංශය තහනම්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 23, 2018 12:50

සවුදි ජාතිකයන් 18 දෙනෙකුට ප‍්‍රංශය තහනම්

සවුදි මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනයට සම්බන්ධ සවුදි පුරවැසියන් 18 දෙනෙකුට සිය රටට ඇතුල්වීම තහනම් කිරීමට ප‍්‍රංශය පියවර ගෙන තිබෙනවා. ඔවුන් ඝාතන සිද්ධියට ඍජුව සම්බන්ධ බවයි ප‍්‍රංශ බලධාරීන් පවසන්නේ.

ඉදිරියේදී එම පුද්ගලයන් 18 දෙනාගේ අනන්‍යතාව හෙළිකරන බව ද ප‍්‍රංශය සඳහන් කළා. ඝාතනයට විරෝධය පළකරමින් රටවල් කිහිපයක් මේ වනවිට සවුදි අරාබියට එරෙහිව සම්බාධක පනවා තිබෙනවා. යුරෝපීය පාර්ශවකරුවන් සමඟ ඉදිරියේදී වැඩිදුරටත් සාකච්ඡා සිදුකරන බවයි ප‍්‍රංශ බලධාරීන් පවසන්නේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 23, 2018 12:50
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්