ශ්රී්ර ලංකාව සහ සංචාරක එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන අවසන් ටෙස්ට් තරඟයේ පන්දුවට පහරදෙන එංගලන්ත කණ්ඩායම දිවා විවේකය සඳහා තරඟය නතර කරන විට කඩුලු දෙකක් දැවී ලකුණු 102 ක් රැස්කරගෙන සිටිනවා.
කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමටයි තීරණය කළේ. එංගලන්තය වෙනුවෙන් ජොනී බේරස්ටෝව් නොදැවී ලකුණු 42 යි. පන්දු යැවීමේදී මලින්ද පුෂ්පකුමාර සහ දිල්රුවන් පෙරේරා කඩුල්ල බැගින් දවා ගැනීමට සමත්වුණා.
තරඟය පැවැත්වෙන්නේ කොළඹ එස්එස්සී කී්රඩාංගනයේදී.