Life+News The Official News Portal of Independent Television Network Ltd

මාලදිවයිනේ සිරගතව සිටි ලහිරු දිවයිනට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 23, 2018 11:16

මාලදිවයිනේ සිරගතව සිටි ලහිරු දිවයිනට

මාලදිවයිනේ හිටපු ජනාධිපති ඝාතන තැතක් සම්බන්ධයෙන් සැකපිට වසර 3 ක් කිසිදු නඩු විභාගයකින් තොරව එරට සිරගතව සිටි ශ්‍රී ලාංකික තරුණයා ඊයේ (22) රාත්‍රියේ දිවයිනට පැමිණියා.

ලහිරු මධුශංඛ නමැති මෙම තරුණයා කිසිදු නඩු විභාගයකින් තොරව වසර 3 ක් මාලදිවයිනේ සිරගතව සිටියා. ශ්‍රී ලංකා රජයත් ජාත්‍යන්තර ක්ෂමා ආයතනයත් කිහිප වරක් ලහිරු මධුශංඛ නිදහස් කරන ලෙස ඉල්ලීම් කර තිබුණා. එහෙත් මාලදිවයින් පැවති රජයෙන් ඊට කිසිදු ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. එරට නව ජනාධිපතිවරයාගේ දිවුරුම්දීමේ උත්සවයට ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයා ලෙස සහභාගී වූ අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා එරට බලධාරීන් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා. ඒ අනුවයි ලහිරු නිදහස් කෙරුණේ.

නිදහස ලබා දිවයිනට පැමිණි ලහිරු පිළිගැනීමට ඔහුගේ බිරිද, දරුවා හා ඥාතීන් මෙන්ම ඔහු නිදහස් කර ගැනීමට මුල් වූ අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා ද කටුනායක ගුවන් තොටුපොළට පැමිණ සිටියා.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 23, 2018 11:16
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්