Life+News The Official News Portal of Independent Television Network Ltd

ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කරයි (VIDEO)

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 23, 2018 09:12

ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කරයි (VIDEO)

කතානායකවරයාගේ අත්තනෝමතික හා පක්‍ෂග්‍රාහී ක්‍රියා කලාපයට විරෝධය දක්වමින් ආණ්ඩු පක්‍ෂය පාර්ලිමේන්තු සභා ගර්භයෙන් අද ඉවත්ව ගියා.

ආණ්ඩු පක්‍ෂය එසේ පිටව ගිය පසු පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවට නියෝජිතයින් පත් කිරීම පිළිබඳ ඡන්ද විමසීමක් සිදුකෙරුණා.

ඉතිහාසයේ පළමු වරටයි එවැනි ඡන්ද විමසීමක් සිදුවූ බව සඳහන් වන්නේ.

_____________ LIVE UPDATES__________________

11.07am   පාර්ලිමේන්තුව නොවැම්බර් 27දින පස්වරු 01.00ත් නොවැම්බර් 29දින පෙරවරු 10.30ටත් පාර්ලිමේන්තුව කල් තැබීමේ යෝජනාව සම්මත කිරීමෙන් පසු විවාදය ආරම්භ විය.

11.03am  “හිටගෙන ඡන්දයක් පවත්වන්නැයි” පා.ම. කිරිඇල්ල යෝජනා කරයි. කතානායක එය අවශ්‍ය නොවන බව කියයි.

11.02am   තේරීම් කාරක සභාව සම්මත කිරීම සඳහා ගෙන ආ යෝජනාව සම්මත වූයේයැයි කතානායක ප්‍රකාශ කරයි.

10.48am   ආණ්ඩු පක්ෂය නොමැතිව කතානායක කරූ ජයසූරියගේ තීරණය මත ඡන්ද විමසීම පවත්වයි.

10.46am   තේරීම් කාරක සභාව සඳහා ඉලෙක්ට්‍රොනික් ඡන්දය විමසීමක් පැවැත්වන ලෙස කතානායක කරූජයසූරිය ප්‍රකාශ කරයි.

10.43am   ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවෙන් ඉවත්ව යයි.

10.42am   “ව්‍යවස්ථා විරෝධී පාර්ලිමේන්තුව අපි අතහැර යනවා.” – පා.ම. විමල් වීරවංශ

10.41am   “තේරීම් කාරක සභාව සඳහා සහ කතානායකට විශ්වාසභංග  යෝජනාවක් ගේන්න. නමින් ඡන්දයක් විමසන්න” – පා.ම. අනුර කුමාර දිසානායක

10.39am   විශ්වාසභංගය සම්මත කළැයි කීම ප්‍රතික්ෂේප කරනවා. විධායකයට අභියෝග කරමින් පාර්ලිමේන්තුව පවත්වාගෙන යාම සම්පූර්ණයෙන්ම නීති විරෝධී්‍යි. –  අමාත්‍ය බන්දුල ගුණවර්ධන

10.36am   “කතානායකවරයා රැස්කරන්නේ එක්සත් ජාතික පක්ෂ රැස්වීමක්” – සභානායක දිනේෂ් ගුණවර්ධන

10.33am   පාර්ලිමේන්තු සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුව අමතමින් කතානායගේ අත්තනෝමතික ක්‍රියාකලාපය විවේචනය කරයි.

10.30am   කතානායක කරූ ජයසූරිය මහතා පාර්ලිෙම්න්තු සභාවට පැමිණෙයි. පාර්ලිමේන්තු කටයුතු අාරම්භ වෙයි.

09.58am  තතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පක්ෂ නායක රැස්වීම අවසන් වෙයි.

 

"කතානායකතුමා පවත්වන්නේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු රැස්වීමක්…"

"කතානායකතුමා පවත්වන්නේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු රැස්වීමක්…"-සභානායකLike us : ITNnews

Posted by ITNnews on Friday, November 23, 2018

 

පාර්ලිමේන්තුව රැස්වීම පෙරවරු 10.30ට; මහජන ගැලරිය වැසෙයි

පාර්ලිමේන්තුව අද පෙරවරු 10.30ට රැස්වනවා. ඊට පෙර තතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිතයි.

එහිදී අද දිනට අදාළ න්‍යාය පත්‍රය සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කිරිමට නියමිත බවයි වාර්තා වන්නේ. පාර්ලිමේන්තු තේරීම් කාරක සභා සම්බන්ධයෙන් අද දිනයේදී සාකච්ඡා කෙරෙනු ඇති.

තේරීම් කාරක සභාව සදහා මේ වනවිට පක්ෂ නියෝජිතයන් නම්කර තිබෙනවා. තේරීම් කාරක සභාව සදහා ආණ්ඩු පක්ෂයට බහුතර නියෝජනයක් හිමිවීම සාමාන්‍ය සම්ප්‍රදායයි.

එහෙත් තමන්ටද බහුතර නියෝජනයක් අවශ්‍ය බවට එක්සත් ජාතික පක්ෂය ද ප්‍රකාශ කිරීම හේතුවෙන් අද දිනයේද පාර්ලිමේන්තුව තුළ අර්බුදයක් හටගනු ඇතැයි දේශපාලන විචාරකයන් පවසනවා.

ආරක්ෂක හේතූන් මත අද දිනයේ පාර්ලිමේන්තුවේ කතානායක ගැලරිය සහ මහජන ගැලරිය වසා තැබීමට පියවර ගෙන ඇති බව වාර්තාවනවා.  පාර්ලිමේන්තුවට පැමිණෙන සියලුම පුද්ගලයින් දැඩි පරීක්ෂාවට ලක් කෙරෙන අතර අවසරලත් මාධ්‍යවේදීන්ට පමණක් පාර්ලිමේන්තු පරිශ්‍රයට පිවිසිය හැකියි.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 23, 2018 09:12
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්