Life+News The Official News Portal of Independent Television Network Ltd

බිමට බැස්ස තාරකාව…

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 22, 2018 15:48

බිමට බැස්ස තාරකාව…

සමහර කරුණු කාරණා සිද්ධ වන්නේ අපේ කැමත්තට හෝ මනාපයට නොවෙි..එහෙයින් හිංදි තිරයෙන් තවමත් බැස නොගිය ඒ ඉපැරණි තාරකාව අමිතාබි බචිචන් ගැන කෙටි සටහනක් තබන්නෙමු.

අමිතාබි බචිචන් ඉපදුනේ ඉංදියාවෙි අලහබාද් වුවාට ඔහුගේ පවුලේ මුතුන් මිත්තන් ඡිවත්වුයේ උත්තර ප්‍රදේශ් ප්‍රතාප්ගාර්හිය. ඉංදියාව කියන්නෙ 1995 ඉදන් 2018 වෙනකොට ලක්ෂ තුනක් ගොවියො සිය ණය ගෙවා ගන්න බැරිව දිවිනසාගත්තු රටක්. උත්තර ප්‍රදේශ් ඡනතාවගෙන් 65%ක් ජීවත් වෙන්නේ කෘෂිකර්මාන්තයෙන්. එයිනුත් 90%ක් සිය වගාවන් කරගන්නෙ ණය වෙලා. මෙි ණය වාරික එකතුවෙලා ගෙවාගන්න බැරි වුනාම ගොවියො වස බොනව. මෙිකට 100%ක උත්තරය තියෙන්නෙ ඉංදීය රාජ්‍ය ළග වුනාට 2018 ජනවාරි මාසේ අමිතාබි මෙි අධික ණය බරින් කඩා වැටිල ඉන්න ගොවියො 350ක් දිල්ලියට ගෙනල්ල ඔවුන්ගෙ සියලු ණය ගෙවා දැමිමා.

 

එහි තවත් ඉදිරි පියවරක් තබමින් ඔහු 2018-11- 20 දින උත්තර ප්‍රදේශ් ගොවියො 1398ක් තෝරගෙන ඔවුන්ගෙ සියලු ණය ගෙවීමට පොරොන්දු වුණා . එය ඉතා විශාල මුදලක් . ඒ ගොවියන්ගෙ මුලු ණය ප්‍රමාණය ඉංදීය රුපියල් මිලියන 40 ක්. ඒ කියන්නෙ ලංකාවෙි රුපියල්වලින් ගත්තොත් මිලියන 100ක්. තවමත් නීත්‍යානුකුලව සියලු ණය කරුවන්ගේ ලියකියවිලි සකසා නොමැති හෙයින් ප්‍රථම 70 දෙනා ගේ ණය මුදල් පියවීම සදහා ඔහු ඔවුන්ව දිලිලියට කැදවා තිබේ . ඔහු සිය බිලොග් අඩවියේ සටහන් කර ඇත්තේ මෙය ඔහුගේ යුතුකමක් සේ සළකන බවයි. අවුරුදු 70 ක් වයසැති අමිතාබි බචිචන්ට පසුව හෝ සිය දුක්විදින ගමෙි ජනතාව සිහිපත්වීම සතුටට කාරණයක්.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 22, 2018 15:48
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්