Life+News The Official News Portal of Independent Television Network Ltd

රූපවාහිනී කලා රාජ්‍ය සම්මාන උළෙලේදී ස්වාධීන රූපවාහිනියට සම්මාන රැසක් (VIDEO)

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 22, 2018 08:57

රූපවාහිනී කලා රාජ්‍ය සම්මාන උළෙලේදී ස්වාධීන රූපවාහිනියට සම්මාන රැසක් (VIDEO)

රූපවාහිනී කලා රාජ්‍ය සම්මාන උලෙළේදී ප්‍රශස්තම රූපවාහිනී වැඩසටහන් රැසක් වෙනුවෙන් ස්වාධීන රූපවාහිනියට සම්මාන හිමිවුණා. දෙමළ වැඩසටහන් සදහා වන වැඩිම සම්මාන සංඛ්‍යාවක් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ වසන්තම් ටීවී ශිල්පීන් හිමි කර ගැනීම විශේෂත්වයක්.

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව , ශ්‍රී ලංකා කලා මණ්ඩලය හා රූපවාහිනී කලා රාජ්‍ය උපදේශක සභාව එක්වයි රූපවාහිනී කලා රාජ්‍ය සම්මාන උලෙළ සංවිධාන කළේ. සම්මාන උලෙළ නෙළුම් පොකුණ රඟහලේදී උත්කර්ෂවත්ව පැවැත්වුණා. අමාත්‍ය එස් බී නාවින්න මහතා හා ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂිකා සුමිත්‍රා පීරිස් මහත්මිය ප්‍රධාන ආරාධිතයින් ලෙස ඊට සහභාගි වී සිටියා. සම්මාන උලෙළේදී ස්වාධීන රූපවාහිනියේ මංජුල ඇතුගල අධ්‍යක්‍ෂණය කළ සමීප රූපය හා දුර රූපය අතර පති වැඩසටහන ප්‍රශස්තම සංස්කෘතික ශ්‍රව්‍ය දෘෂ්‍ය වැඩසටහන ලෙස සම්මාන හිමිකර ගත්තා. ප්‍රශස්තම ගීත රූප රචනය සඳහා වසන්තම් ටී වී නාලිකාවේ ටී තබේෂන් හා පී රමේෂ් සෝලයන් හා කාලයන් ගීත වෙනුවෙනුයි සම්මානයට පාත්‍ර වුණේ.

ප්‍රශස්තම රූපවාහිනී සගරාමය වැඩසටහන ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ ක්‍රිස්ටිනා ග්‍රේස් අධ්‍යක්‍ෂණය කළ කන්මනී වැඩසටහනයි. ආර් දක්‍ෂලාන් අධ්‍යක්‍ෂණය කළ නම්මහිට් වැඩසටහන ප්‍රශස්තම රූපවාහිනී සංගීත වැඩසටහන ලෙසත් සිත් ශ්‍රී රාම් වැඩසටහනේ බහු කැමරා අධ්‍යක්‍ෂණය වෙනුවෙන් කොණේෂ්වර රාජා ප්‍රශස්තම බහු කැමරා නිෂ්පාදනය වෙනුවෙනුත් සම්මානයට පාත්‍ර වුණා. මෙවර ජූරියේ විශේෂ ඇගයීම් සම්මාන ලෙස ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ සොදුරු දඩයක්කාරයා හා දියමන්කඩ යන ටෙලිනාට්‍යවල රංගනයෙන් දායක වූ කැලුම් ගම්ලත් හා සමාධි ලක්සිරි යන රංගන ශිල්පීන් සම්මාන ලබා ගත්තා. තවත් සම්මාන රැසක් මෙහිදී ප්‍රධානය කෙරුණා.

 

රූපවාහිනී කලා රාජ්‍ය සම්මාන උළෙලේදී ස්වාධීන රූපවාහිනියට සම්මාන රැසක්

රූපවාහිනී කලා රාජ්‍ය සම්මාන උළෙලේදී ස්වාධීන රූපවාහිනියට සම්මාන රැසක්Like us : ITNnews

Posted by ITNnews on Thursday, November 22, 2018

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 22, 2018 08:57
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්