ඇමරිකා දකුණු කොරියා යුද අභ්‍යාසය ආරම්භවී තිබෙනවා. පුහුණුවීම් පිළිබදව වැඩි අවධානය යොමුකර ඇති බවයි ඇමරිකාව පවසන්නේ.
එය ආරම්භ කර තිබෙන්නේ වාර්ෂිකව පැවැත්වෙන අභ්‍යාස මාලාවේ තවත් අදියරක් ලෙසයි. ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම්ජොන් උන් අතර පැවැති සාකච්ඡාවේදී මෙවැනි අභ්‍යාස නතර කරන බවට මතයක් පළවුණා. කෙසේවෙතත් එය නොතකා අභ්‍යාස ආරම්භ කර ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ. න්‍යෂ්ටික වැඩසටහන් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුව ඇති අතර ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අභ්‍යාස අඛණ්ඩව සිදුකරන බවයි දකුණු කොරියාව පවසන්නේ.