ශ්‍රී‍්‍ර ලංකාව සමඟ පවතින සම්බන්ධතා තවදුරටත් වර්ධනය කරගන්නා බව රුසියාව ප්‍රකාශ කළා.
ආරක්ෂක වැඩසටහන් පිළිබදව ද අවධානය යොමුව තිබෙනවා. දෙරට අතර පවතින්නේ දීර්ඝ කාලීන සම්බන්ධතාවක් වන අතර එය අංශ ගණනාවක් ඔස්සේ වර්ධනය කරගැනීම අපේක්ෂාව බවයි රුසියා විදේශ අමාත්‍ය සර්ජි සොයිගො පවසන්නේ. ඒ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලිපියක් නිකුත් කරමින්. නව එකඟතා ඇති කරගැනීමටත් ආරක්ෂක හා තාක්ෂණික සහයෝගීතාව වර්ධනය කරගැනීමටත් අපේක්ෂා කරන බවයි රුසියාව සඳහන් කළේ.