ඉල්පුර පසලොස්වක පොහොය නිමිත්තෙන් රට පුරා වෙභෙර විහාරස්ථානවල ආගමික වැඩසටහන් පැවැත්වෙනවා. කඨින පූජා පැවැත්වෙන අවසන් දිනය වන්නේ අදයි.
ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් ගණනාවක් ඉල් පුර පසලොස්වක පොහොය දින සිදුව තිබෙනවා. මෛතී්ර බොධිසත්වයන් නියත විවරණ ලැබීම, ප්රථම ධර්ම දුත සැටනම ධර්ම ප්රචාරයේ යෙදවීම, තුන්බෑ ජටිලයන් දමනය කිරීම සඳහා බුදුන් වහන්සේ උරුවෙල් දනව්වට වැඩම කිරීම ඇතුලු සිදුවීම් ඒ අතර වෙනවා. ITN, ලක්හඬ සවනක් රැස් ශාසනාලෝක වැඩසටහන මෙවර පැවැත්වෙන්නේ මතුගම වරකාගොඩ පුරාණ ගල්ලෙන විහාරස්ථානයේ. මේ වනවිටත් සැදැහැවතුන් විශාල පිරිසක් පැමිණ සිටින බවයි අප නියෝජිත මනෝජ් ගොඩවිතාරණ සඳහන් කළේ. දවස පුරා ආගමික වැඩසටහන් රැසක් විහාරස්ථානයේ පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙන්නේ.