මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අර්ජුන් ඇලෝෂියස් හා කසුන් පලිසේන ලබන 29 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට එරෙහිව පවරා ඇති නඩුව පෞද්ගලික හේතුවක් මත තමා ඉදිරියේ නොකැඳවන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබුණා. ඒ සම්බන්ධ නියෝගය ලැබීමට නියමිත බවයි මහේස්ත්‍රාත්වරයා කියාසිටියේ. මේ අතර බැඳුම්කර ගනුදෙනු විමර්ශනය සඳහා පත් කළ විශේෂ ජනාධිපති කොමිසමට විකෘති කළ සීඩී පට ලබා දුන් සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනා ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.