ගොවීන්ගේ ණය ගෙවා දැමීමට මුදල් ලබාදෙන බව ඉන්දීය සුපිරි නළු අම්තාබ් බච්චන් ප්‍රකාශ කළා.
තෝරාගත් ගොවීන් 1398 දෙනෙකු වෙනුවෙන් ඉන්දිීය රුපියල් මිලියන 40 ක මුදලක් ඔහු ලබාදී තිබෙනවා. ඒ සදහා තෝරාගෙන ඇත්තේ උත්තර් ප්‍රදේශවල පිරිසක්. ඒ අම්තාබ් බච්චන් ඉපදුණු ප්රදේශයයි. ණය ගෙවා දැමීමට නොහැකිවීම හේතුවෙන් ඉන්දීය ගොවීන් දස දහස් ගණනක් දැඩි අසීරුතාවට පත්ව සිටිනවා. ගොවිතැන් විනාශ වීම සහ නව තාක්ෂණය භාවිත නොකිරිම ඇතුලු කරුණු ඊට බලපා ඇති බවයි ඉන්දීය වාර්තා සදහන් කළේ. 1995 වසරේ සිට මේ දක්වා සියදිවි හානිකරගෙන ඇති ගොවීන්ගේ සංඛ්‍යාව ලක්ෂ තුනක්. එවැනි සිදුවීම් වැලැක්වීම සදහා තීරණයට එළඹි බවයි අමිතාබ් බච්චන් පවසන්නේ.