සහන මිල ගණන්වලට එල් ඊ ඩී විදුලි බුබුළු බෙදාහැරීමේ වැඩපිළිවෙළ කඩිනමින් ආරම්භ කරන බව විදුලිබල අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
ටෙන්ඩර් ලබාදීම අවසන් කර ඇති අතර ලබන මාසය වන විට එම විදුලු බුබුළු ශ්‍රි ලංකාවට ලැබෙන බවයි විදුලිබල අමාත්‍යාංශයේ අධ්යක්ෂ සුලක්ෂණ ජයවර්ධන මහතා සදහන් කළේ. වැඩපිළිවෙලේ නියමු ව්‍යාපෘතිය කොලොන්නාව, හොරණ සහ කෑගල්ල මුල්කරගනිමින් පැවැත්වුණා.