මත්පෙති හාරදහසක් සමග සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පාසල් දරුවන් ඉලක්ක කරගෙන මෙම මත්පෙති ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බව වැටලීම සිදු කළ මිනුවන්ගොඩ පොලීසිය පවසනවා. ට්‍රැමඩෝල් හෙවත් ඇපල් පෙති යනුවෙන් හදුන්වන මෙම පෙති වර්ගය අත්අඩංගුවට ගෙන ඇත්තේ මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපති ජීවක රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායමක් විසින්.
මිනුවන්ගොඩ නගරයේ වෙළෙදසැලක ව්‍යාපාරිකයෙකුගේ පුතෙකු අදාළ මත්පෙති අලෙවි කිරීමේ නිරතව සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහුට මත්පෙති ලබාදෙන කදාන ප්‍රදේශයේ ස්ථානයක් වටලා මත්පෙති හාරදහසක් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ.