රටේ පවතින දේශපාලනික තත්ත්වයට කඩිනමින් විසදුමක් ලබාගත යුතු බව අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන ස්වාමීන් වහන්සේ පවසනවා. එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායමක් උන්වහන්සේ බැහැදුටු අවස්ථාවේයි මේ බව ප්‍රකාශ කෙරුණේ.
නවීන් දිසානායක, හර්ෂන රාජකරුණා, මයන්ත දිසානායක සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අස්ගිරි මහා විහාරය වෙත ගොස් අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන ස්වාමීන් වහන්සේ බැහැදුටුවා. අනතුරුව මල්වතු විහාරයට ගිය මන්ත්‍රී කණ්ඩායම මල්වතු පාර්ශ්වයේ මහා නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමීන් වහන්සේ බැහැදැක පවතින දේශපාලන තත්ත්වය පිළිබද කරුණු පැහැදිලි කළා. අනතුරුව ඔවුන් මාධ්‍ය වෙත මෙසේ අදහස් පල කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/Mes8yUhzX9g”]
මන්ත්‍රීවරුන් මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම ස්වාමීන් වහන්සේ ද බැහැදැක ආශිර්වාද ලබාගත්තා.