දේශිය ආයෝජකයන් දිරිගැන්වීම සදහා බදු සහන ඇතුලත් නව යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා. විදේශයන්හි රදවා ඇති මුදල් මෙරටට ගෙනඒමට පහසුකම් සලසන බවයි අමාත්‍යවරයා පවසන්නේ. දේශිය ආයෝජකයන් දිරිගැන්වීමේ යෝජනාවක් මුදල් අමාත්‍යාංශයට ඉදිරිපත් කර තිබෙනවා. බදු සහන ලබාදෙන ආයෝජකයන් දිරිගැන්වීමේ පැකේජයක් ලෙස වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවත්, බන්දුල ගුණවර්ධන මහතා සදහන් කළා.