Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ‍්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකුට ජාත්‍යන්තර ඇගයීමක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 20, 2018 12:20

ශ‍්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකුට ජාත්‍යන්තර ඇගයීමක්

ශ‍්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු ජාත්‍යන්තර ඇගයීමට ලක්වුණා. ඒ සුප‍්‍රකට ෆෝර්බෙස් සඟරාව සහ බී බී සී මාධ්‍ය ආයතනයේ සිදුකළ සමීක්ෂණයකින්. 2019 වර්ෂය සදහා ”විද්‍යා අංශයෙන් අනාගතය වෙනස් කිරිම අවුරුදු තිහට අඩු පුද්ගලයන් තිස් දෙනා ” යනුවෙන් ජාත්‍යන්තර ෆෝර්බෙස් සඟරාව තෝරාඇති ලැයිස්තුවට ස්ටැන්ෆඩ් විශ්ව විද්‍යාලයේ පශ්චාත් ආචාර්ය උපාධිය හදාරන 28 හැවිරිදි හසිනි ජයතිලක නම්කර තිබෙනවා. ඇය මෙලෙස තෝරාගෙන ඇත්තේ පිළිකා සෛල මිනිසෙකුගේ සිරුරේ සංලේෂණය කරන ආකාරය සහ එම මාර්ගය අවහිර කිරිමට හා පාලනය කිරිමට හැකි සංඥා ක‍්‍රමයක් සොයාගැනීම හේතුවෙන්. මෙම ක‍්‍රමය පිළිකාවට එරෙහිව සිදුකරනු ලබන නවීන චිකිත්සාව සංවර්ධනය කිරිම සදහා හේතුවී තිබෙනවා.

මේ අතර බී බී සී මාධ්‍ය ආයතනය ලොවපුරා බලපෑම් කළ හැකි බලගතුම කාන්තාවන් සියදෙනාගේ ලැයිස්තුව ද ප‍්‍රකාශයට පත්කර තිබෙනවා. එම ලැයිස්තුවට ශ‍්‍රී ලාංකික සාගර විද්‍යාඥවරියක් වන ආශා ඩී වෝ්ස් ඇතුලත්. ඇය බලගතුමකාන්තාවන් සියදෙනා අතුරින් 23 වනස්ථානයට පත්ව ඇති බවයි බී බී සී ප‍්‍රවෘත්ති සේවය සදහන් කළේ. ඒ සාගර සහ සාගර ජීවින් සංරක්ෂණය වෙනුවෙන් ඇය කැපවී කටයුතු කිරිම හේතුවෙන්.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 20, 2018 12:20
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්