අන්තර් ක්රීඩා සමාජ ලීග් රග්බි තරගාවලියේ ගුවන් හමුදා රග්බි කණ්ඩායම සමග පැවති තරගයෙන් තියුණු ජයක් වාර්තා කිරීමට යුද හමුදා රග්බි කණ්ඩායම සමත්වුණා.
රත්මලාන ගුවන්හමුදා ක්රීඩා පිටියේ පැවති තරගයේ පළමු මිනිත්තු 10 තුළදී ප්රවේගකාරී ක්රීඩා විලාශයක් පෙන්නුම්කරමින් ගුවන්හමුදා ක්රීඩකයින් උත්සාහක දිනුම් දෙකක් වාර්තා කිරීමට සමත් වුණා. යුද හමුදා රග්බි කණ්ඩායමට පළමු අර්ධය පුරා රිසි සේ ක්රීඩා කිරීමට ඉඩ ලැබුණේ නැහැ.දෙවන අර්ධයේදී යුද හමුදා රග්බි කණ්ඩායම තරගය සියතට ගත්තා. මේ අනුව තරගය නිමා වන විට ගුවන් හමුදා ක්රීඩකයින් ලකුණු 21 ක් ලබා ගනිද්දී යුද හමුදා රග්බි කණ්ඩායම ලකුණු 29 ක් ලබා ගනිමින් තරගයේ ජයග්රහණය වාර්තා කළා.