අන්තර් ක්රීඩා සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන සතිය ආරම්භ කරමින් සීඑච් ඇන්ඩ් එෆ්සී ක්රීඩා සමාජ කණ්ඩායම සමග පැවති තරගයෙන් තියුණු ජයක් වාර්තා කිරීමට හැව්ලොක්ස් ක්රීඩා සමාජ කණ්ඩායම සමත්වුණා.
හැව්ලොක්ස් ක්රීඩා සමාජ ක්රීඩා පිටියේ විදුලි ආලෝකය යටතේ පැවති තරගයේ පළමු අර්ධයේ පෙරමුණ ගැනීමට සීඑච් ඇන්ඩ් එෆ්සී ක්රීඩා සමාජ කණ්ඩායම සමත්වුණා. එම අර්ධය නිමාවන විට හැව්ලොක්ස් ක්රීඩා සමාජ කණ්ඩායම ලකුණු 13 ක් ලබා ගනිද්දී සීඑච් ඇන්ඩ් එෆ්සී ක්රීඩා සමාජ කණ්ඩායම ලකුණු 16 ක් ලබාගෙන සිටියා. දෙවන අර්ධයේදී ආක්රමණශීලී තරග රටාවක නිරත වූ හැව්ලොක්ස් කණ්ඩායම තරගය සියතට ගැනීමට දැඩි උත්සාහයක නිරත වුණා. මේ අනුව තරගය නිමාවන විට සීඑච් ඇන්ඩ් එෆ්සී ක්රීඩා සමාජ කණ්ඩායම ලකුණු 29 ක් ලබා ගන්නා විට හැව්ලොක්ස් ක්රීඩා සමාජ කණ්ඩායම ලකුණු 30 ක් ලබා ගනිමින් තරගයෙන් එක් ලකුණක තියුණු ජයක් වාර්තා කිරීමට සමත්වුණා.