එෆ්.ඒ. කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගයෙන් ශ්රී ලංකා ගමනාගමන මණ්ඩල කණ්ඩායම පරාජයට පත් කිරීමට යුද හමුදා පාපන්දු කණ්ඩායම සමත් වුණා.
කොළඹ සුගතදාස ක්රීඩා පිටියේ පැවති තරගයේ පළමු අර්ධය උණුසුම් මුහුණුවරක් ගත්තා. එහිදී කිසිදු ගෝලයක් ලබා ගැනීමට ගමනාගමන මණ්ඩල කණ්ඩායමට හැකි වුණේ නැහැ. යුද හමුදා කණ්ඩායම එක් ගෝලයක් වාර්තා කිරීමට සමත් වුණා. දෙවන අර්ධයේදී සිය ආක්රමණශීලී තරග රටාව තවදුරටත් වර්ධනය කළ යුද හමුදා ක්රීඩකයින් තවත් ගෝලයක් වාර්තා කිරීමට සමත් වුණා. මේ අනුව ගෝල දෙකට බින්දුවක් ලෙස ගමනාගමන මණ්ඩල කණ්ඩායම පරාජයට පත් කිරීමට යුද හමුදා කණ්ඩායමට හැකි වුණා.