Life+News The Official News Portal of Independent Television Network Ltd

රජයක් වෙනස් කිරිමට හඬ අනුව තීරණ ගැනීම කාලෝචිත නොවන බව ජනපති කියයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 19, 2018 08:41

රජයක් වෙනස් කිරිමට හඬ අනුව තීරණ ගැනීම කාලෝචිත නොවන බව ජනපති කියයි

රජයක් වෙනස් කිරිම වැනි ප්‍රබල කාරණා පිළිබදව තීරණයක් ගැනීමේදී ස්ථාවර නියෝගවල සදහන්ව තිබුණත් මන්ත්‍රිවරුන්ගේ හඩ අනුව බහුතරය තීරණය කිරීම කාලෝචිත නොවන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පවසනවා. එහි විනිවිධ භාවයක් නොමැති බවද ජනාධිපතිතුමා පෙන්වා දෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව සදහන් කළේ ඊයේ පැවති සර්ව පාක්ෂික සමුළුව අමතමිනුයි. පාර්ලිමේන්තුවේ වත්මන් තත්ත්වය සහ ඉදිරි වැඩපිළිවෙල සාකච්ඡා කිරීම සදහායි මෙම හමුව කැදවා තිබුණේ. පැය දෙකකට ආසන්න කාලයක් මෙම හමුව ඉතා සුහදව සහ මිත්‍රශීලීව පැවැත්වුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පක්ෂ නියෝජිතයන් ඊට එක්ව සිටියා. කතානාකයකවරයාට සහ ජනතා විමුක්ති පෙරමුණට ජනාධිපතිතුමා ආරාධනාකර තිබුණද ඔවුන්  පැමිණ සිටියේ නැහැ. මෙම හමුවට එක් නොවන බවට ජනතා විමුක්ති පෙරමුණ පමණක් තමාට දන්වා තිබූ බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළා.

ඉදිරියේදී පාර්ලිමේන්තුව තුළ ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්ධයෙන් අද දිනයේ පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිත පක්ෂ නායක රැස්වීමේදී සුදුසු තීරණයක් ගැනීමට මෙහිදී තීරණය කෙරුණා. පාර්ලිමේන්තුව තුළ ඉතා සාමාකාමීව ගැටුම්වලින් තොරව කටයුතු කිරිමට ද මෙහිදි සියලු දෙනා එකග වුණා.  රජයට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබද තමාට තීරණයක් ගැනීමට නම් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ නමින් හෝ ඉලෙක්ට්‍රොනික ක්‍රමය භාවිතයෙන් ඡන්දය ගණනය කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපතුමා අවධාරණය කළා. එය තමාටත් රටේ උගත් බුද්ධිමත් පොදු ජනතාවටත් ජාත්‍යන්තරව වඩාත් පිළිගත හැකි තත්ත්වය බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නා.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 19, 2018 08:41
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්