[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/11/image_972d3c2478.jpg”]
මීටර් 182ක් (අඩි 600ක්) උසැති මෙම පිළිමය, ඉන්දීය නිදහස් අරගලයේ පුරෝගාමියකු ලෙස සැලකෙන සර්දාර් පටෙල් සිහිකරමින් ඔහුගේ රුවින් ඉදිකරන ලද්දක්. මෙය ඉන්දියාවේ ගුජරාඨ ප්‍රාන්තයේ දී පසුගියදා විවෘත කෙරුණා.
ලෝකඩවලින් ඉදි කළ මෙම දැවැන්ත පිළිමය ඉදිකිර ඇත්තේ බටහිර ගුජරාඨයේ වදෝදාරාහි සදාර් සර්වෝර් වේල්ල අසලයි.
පිළිමය ඉදිකිරීමට වැය වුණු මුදල ඉන්දීය රුපියල් බිලියන 29.9 (ඇමෙරිකන් ඩොලර් මිලියන 430) ක්.
සර්දාර් පටෙල් ඉන්දියාවේ පළමු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ද වෙයි. 1875 වසරේ ඔක්තෝබර් 31 වැනිදා සර්දාර් පටෙල් උපත ලබා තිබෙනවා.මෙම පිළිමය විවෘත කෙරුණේ සර්දාර් පටෙල්ගේ ගුණ සැමරුම වෙනුවෙනුයි.
උපන් සර්දාර් පටෙල් දිවියෙන් සමුගත්තේ 1950 වසරේ මුම්බායි නුවරදීයි.
‘ඉන්දියාවේ යකඩ මිනිසා’ යන නමින් ද සර්දාර් පටෙල් හැඳින්වෙයි. පිළිමය ඉදි කිරීම සිදුවී ඇත්තේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිංගේ අදහසකට අනුවයි. මෝදි විසින් පිළිමය නම් කරනු ලැබ ඇත්තේ ‘ඒකීයත්වයේ පිළිමය’ කියායි. පිළිමය ගුජරාඨයේ සංචාරක ආකර්ෂණයක් බවට පත් වනු ඇති බව මෝදි පවසා තිබෙනවා.
සර්දාර් පටෙල් සේම මෝදි ද ගුජරාටයේ උපත ලැබූවෙක්. පටෙල්ට ඇති ගෞරවය සැලකිල්ලට ගනිමින්, ඔහු අනුස්මරණය කරමින් පිළිමයක් ඉදිකිරීමට මෝදි තීරණය කළේ 2010 වසරේදී යැයි ද පැවැසෙයි. ඒ වනවිට මෝදි ගුජරාඨයේ මහ ඇමැති ධුරය හෙබවීය.
පිළිමයේ ඉදිකිරීම් කටයුතු සිදුවූයේ ගුජරාඨ ප්‍රාන්ත රජය යටතේයි. පිළිමය සම්බන්ධයෙන් ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන කොංග්රස් පක්ෂයෙන් විරෝධයක් ද එල්ල වුණා. ඒ, පිළිමය ඉදිකිරීම අනවශ්‍ය වියදමක් බවත්, පිළිමයට යෙදවූ මුදල ජනතාව වෙනුවෙන් යෙදවීමට තිබුණු බවත් පෙන්වා දෙමිනුයි.
සර්දාර් පාටෙල්ගේ පිළිමය විවෘත කරන තුරු, ලොව උසම පිළිමය ලෙස සැලකුණේ චීනයේ ලුෂාන් පළාතේ, සෝකාන් නගරයේ ඇති බුදු පිළිමයයි. 1997 සිට 2008 තෙක් කාලය පුරාවට මෙම බුදු පිළිමයේ ඉදිකිරීම් සිදුවිය. එම පිළිමය නිර්මාණය කර ඇත්තේ තඹවලිනි. මෙම බුදු පිළිමයේ උස මීටර් 128කි.
කෙසේ නමුත් සර්දාර් පාටෙල් පිළිමය පරදන තවත් පිළිමයක් ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මේ වනවිටත් ඉදි කෙරෙමින් පවතින බව ඉන්දීය පුවත් සේවා පෙන්වා දෙයි. ඒ, මහාරාෂ්ට්‍ර වීර රජු ශිවාජිගේ පිළිමයයි. ඉදිකිරීම් අවසන් වෙද්දී මෙම පිළිමය මීටර් 190ක් උසින් යුක්ත වනු ඇති බවයි පැවැසෙන්නේ.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/11/image_1e47d38770.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/11/image_b706c2911e.jpg”]