ඊශ්රායල් අත්අඩංගුවේ පසුවන ශ්රී ලාංකිකයන් නිදහස් කර ගැනීමට මැදිහත් වන බව විදේශ රැකියා අමාත්යංශය ප්රකාශ කළා. තානාපති කාර්යාල නිලධාරින් ඒ සඳහා යෙදවීමටයි කටයුතු යොදා තිබෙන්නේ. සංචාරක වීසා මත ඊශ්රායලයට පැමිණි 13 දෙනෙකු සති දෙකක සිට එරට බන්ධනාගාරයේ පසුවනවා. ඔවුන් සම්බනධයෙන් කඩිනම් වාර්තාවක් ලබාගන්නා බවයි අමාත්යංශය සඳහන් කළේ.