Life+News The Official News Portal of Independent Television Network Ltd

අගමැති මහින්දගේ 73 වන ජන්ම දිනය අදයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 18, 2018 08:51

අගමැති මහින්දගේ 73 වන ජන්ම දිනය අදයි

ශ්‍රේෂ්ඨ ජන නායකුයෙකු වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ හැත්තෑ තුන්වන ජන්ම දිනය  අදට යෙදී තිබෙනවා.

1945 වසරේ නොවැම්බර් මස18 වනදා මෙලොව එළිය දුටු මහින්ද රාපක්ෂ මැතිතුමා රට වෙනුවෙන් උදාර මෙහෙවරක නිරත වූ ශ්‍රේෂ්ඨ ජන නායකුයෙක්. 1970 මහ මැතිවරණයෙන් බෙලිඅත්ත ආසනය ජය ගනිමින් පළමුවරට පාර්ලිමේන්තුවට පිවිසි ළාබාලතම මන්ත්‍රීවරයා වන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමායි. රුහුණෙන් බිහිවූ අභීත නායකයෙකු ලෙස මන්ත්‍රීවරයෙකු, විපක්ෂ නායකවරයෙකු, අමාත්‍යවරයෙකු පමණක් නොව ජනාධිපති ධූරයද දරමින් එතුමා මව්බිමට විශිෂ්ට මෙහෙවරක් ඉටු කළා. ත්‍රස්තවාදය තුරන් කොට රට එක්සේසත් කරන බවට දුන් ප්‍රතිඥාව යථාර්ථයක් බවට පත් කිරීමට ද එතුමාට හැකිවුණා. දෙස් විදෙස් කුමන්ත්‍රණ බලවේග හමුවේ නොසැලෙන ශක්තිය ලොවටම පෙන්වමින් ලබාගත් එම ජයග්‍රහණයෙන් පසු සංවර්ධනයේ අරුණාලෝකය රටට උදාකරදීමට රාජපක්ෂ මැතිතුමා කටයුතු කළා. රුහුණේ අභීත දේශපාලන පරපුරකින් පැවත එමින් ජනතාව වෙනුවෙන් සිය යුතුකම් උපරිමයෙන් ඉටු කරන මෙම ශ්‍රේෂ්ඨ ජන නායකයාගේ ජන්ම දිනය වෙනුවෙන් දස දෙසින් සුභාශිංසන හිමි වනවා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජන්ම දිනය වෙනුවෙන් නාරාහේන්පිට අභයාරාමයේ දී කිරි දානමය පිංකමක් පැවැත්වුණා. කිරිඅම්මාවරුන් 130 දෙනෙකු උදෙසා දානය පිරිනැමීම මෙහිදී සිදු කෙරුණා. පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේයි පින්කම මෙහෙය වූයේ. මහා සංඝරත්නය , මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. මෙහිදී අදහස් දැක්වූ මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ

මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ,

මේ අතර කොළඹ ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ කඨින පින්කම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු පවුලේ සාමාජිකයින්ගේ දායකත්වයෙන් පැවැත්වුණා. විජේරාමයේ පිහිටි නිල නිවසේ  තැන්පත් කර තිබූ කඨින චීවරය ශ්‍රී සම්බෝධි විහාරස්ථානය වෙත වැඩම කරවූයේ අලංකාර පෙරහැරකින්. එම  විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය බොරලන්දේ වජිරඥාන ස්වාමීන් වහන්සේ වෙත කඨින චීවරය පිළිගැන්වීමෙන් අනතුරුව එය විහාර මන්දිරයේ තැන්පත් කෙරුණා. සම්බෝධි විහාරස්ථානයේ වාර්ෂිකව පැවැත්වෙන පිරිත් සඡ්ඣාජයනය සදහා ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සහභාගී වුණා. සත්බුදු කිරි ආහාර පූජාවක් ද පැවැත්වුණේ විශාල පිරිසකගේ සහභාගීත්වයෙන්.  හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 18, 2018 08:51
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්