Life+News The Official News Portal of Independent Television Network Ltd

වසර 10ක පසු කැළණිවැලි මාර්ගයට නව දුම්රියක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 18, 2018 13:02

වසර 10ක පසු කැළණිවැලි මාර්ගයට නව දුම්රියක්

වසර 10ක පසු කැළණිවැලි මාර්ගයට නව දුම්රියක් එක් කෙරුණා. එහි ධාවන කටයුතු ආරම්භ කෙරුණේ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්.

රුපියල් දස ලක්ෂ හැත්තෑවක පමණ වියදමින් නවීකරණය කෙරුණු මැදිරි පහකින් යුත් දුම්රියක් මෙසේ කැළණිවැලි දුම්රිය මාර්ගයට එක් කෙරුණා. එය කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල දක්වා සහ අවිස්සාවේල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය කෙරෙනවා.  එක්දහස් නවසිය අනූව වසරේ ආනයනය කෙරුණු මෙම එස් අට වර්ගයේ බලවේග කට්ටලය රත්මලාන දුම්රිය ඉංජිනේරු වැඩපලේ අලුත්වැඩියාට ලක් කෙරුණු අතර දේශීය සමාගමක් මගින් දුම්රිය මැදිරි නවීකරණය කර තිබෙනවා. පැරණි මැදිරි 200ක් නවීන පහසුකම් සහිතව අලුත්වැඩියා කිරීමේ ව්‍යාපෘතිය යටතේ මේ වන විට ධාවනයට එක්කර ඇති දුම්රිය මැදිරි සංඛ්‍යාව 68ක්. එක් මැදිරියක් නවීකරණය සදහා රුපියල් මිලියන 12ක පමණ මුදලක් වැය වන අතර එවැනි මැදිරියක් ආනයනය කිරීමට රුපියල් මිලියන 28ක් පමණ වැය වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ. මේ හේතුවෙන් අදාළ ව්‍යාපෘතිය ඔස්සේ විශාල විදේශ විනිමයක් ඉතිරි කර ගැනීමට හැකියාව ලැබෙනවා. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා,

කැළණිවැලි දුම්රිය මාර්ගයේ නව දුම්රිය ධාවනයට එක්කිරීමේ අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් ජී එස් විතානගේ ,දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වුණා.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 18, 2018 13:02
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්