ප්රංශයේ ඉන්ධන මිල වැඩි කිරීමට විරෝධය පළ කරමින් දහස් ගණනක් ජනතාව උද්ඝෝෂණවල නිරතව සිටිනවා.
ස්ථාන දෙදහසක පමණ පුද්ගලයින් දෙලක්ෂ හතළිස් දහසක් පමණ විරෝධතාවල නිරතව සිටිනවා. විරෝධතාකරුවකු අනතුරකට ලක් වීමෙන් මිය ගොස් ඇති අතර තවත් සිය දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවද සදහන්. ඔවුන් අතරින් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් ප්රංශයේ ප්රධාන මාර්ග රැසක ගමනාගමන කටයුතුවලටද බාධා එල්ල වී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් පනස් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි එරට වාර්තා සදහන් කරන්නේ.