දුම්රිය යාචකයින් සහ වෙළෙදුන් ඉවත් කිරීමේ කටයුතු තවදුරටත් කි්රයාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්රකාශ කළා.
මේ වනවිට නගරාන්තර සීඝ්රගාමී දුම්රිය වලින් යාචකයින් ඉවත්කර තිබෙනවා. මන්දගාමී දුම්රිය වලින් ද යාචකයින් ඉවත් කිරීමටයි සැලසුම් කර ඇත්තේ. අනවසර වෙළෙදුන්ගෙන් භාණ්ඩ මිලදී නොගන්නා ලෙස ද දුම්රිය දෙපාර්තමේන්තුව මඟීන්ගෙන් ඉල්ලා සිටිනවා.