කිලෝග්රෑමය අර්ථ දැක්වීමේ ක්‍රමවේදය වෙනස් කිරීමට විද්‍යාඥයන් පිරිසක් සූදානම් වෙනවා.
මේ වනවිට කිලෝග්රෑමය අර්ථ දක්වනුයේ ප්‍රංශයේ පැරිස් නුවර සේප්පුවක තබා ඇති ප්ලැටිනම් උපකරණයක් භාවිත කරමින්. එම ක්‍රමය අත්හැර කිලෝග්රෑමය විද්‍යුත් තරංග භාවිතයෙන් අර්ථ දැක්වීමේ ක්‍රමවේදයකට අවතීර්ණවීම සඳහා ඡන්ද විමසීමකට පර්යේෂකයන් බලාපොරොත්තුවෙන් සිටින බවයි බීබීසී ප්රවෘත්ති සේවය වාර්තා කළේ. ප්‍රංශයේ පැවැත්වෙන බර සහ මිණුම් සම්බන්ධ මහා සම්මේලනයේදී තීන්දුව ගනු ඇති බවත් විදෙස් මාධ්‍ය පෙන්වාදුන්නා. කෙසේවෙතත් විද්‍යාඥයන් කිහිපදෙනෙකු මෙම වෙනස් කිරීම සම්බන්ධයෙන් මිශ්‍ර අදහස් පළකර තිබෙනවා.