Life+News The Official News Portal of Independent Television Network Ltd

Update: සර්ව පාක්ෂික හමුව ජනපති ප්‍රධානත්වයෙන්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 18, 2018 08:38

Update: සර්ව පාක්ෂික හමුව ජනපති ප්‍රධානත්වයෙන්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සර්ව පාක්‍ෂික හමුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙනවා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා , එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙන එම හමුවට සහභාගි වී සිටිනවා. තවත් දේශපාලන පක්‍ෂ නියෝජිතයින් රැසක් ඊට එක්ව සිටින බවයි එහි සිටින අප නියෝජිතයින් පවසන්නේ. පාර්ලිමේන්තුවේ උද්ගතව ඇති තත්ත්වයට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමේ අරමුණින් මෙම සර්ව පාක්‍ෂික හමුව කැඳවා තිබෙනවා. මෙහිදී දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කෙරෙන බවයි වාර්තා වන්නේ.

ජනපති ප‍්‍රධානත්වයෙන් සර්ව පාක්ෂික හමුවක් පස්වරුවේ

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ දේශපාලන පක්ෂවල සහභාගිත්වයෙන් සර්ව පාක්ෂික හමුවක් අද (18) ප.ව 5.00 ට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පැවැත් වේ.

පාර්ලිමේන්තුව තුළ පසුගිය දිනවල ඇති වූ දේශපාලන නොසන්සුන්තාව සහ ගැටුම්කාරී තත්ත්වය අවසන් කර පාර්ලිමේන්තුවේ කටයුතු යහපත්ව පවත්වාගෙන යාමට සියලු දේශපාලන පක්ෂ අතර එකඟතාවයක් ඇති කර ගැනීමේ අරමුණින් ජනාධිපතිතුමා විසින් මෙම හමුව කැඳවා තිබේ.

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ නායකයන්ට මීට සහභාගීවීමට ආරාධනා කර ඇති අතර, කථානායක කරූ ජයසූරිය මහතාට ද මෙම හමුව සඳහා ආරාධනා කර තිබේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 18, 2018 08:38
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්