දිවයින පුරා වැසි තත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපයේ බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. හෙට සහ අනිද්දා දිනවල වැසි වැඩි වන බවයි දෙපාර්තමේන්තුව පවසන්නේ.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස දෙකෙන් පසු ගිගුරුම් සහිත වැසි ඇති වෙනවා. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල මිලි මීටර 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.
සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වල ඇතැම් ප්‍රදේශවල උදෑසන කාලයේ මීදුම් තත්වයක් ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වාදෙන්නේ.