Life+News The Official News Portal of Independent Television Network Ltd

විශ්වාසභංග යෝජනාව සම්මත කරගත් ආකාරය පිළිගන්නේ නෑ – ජනපති

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 17, 2018 10:03

විශ්වාසභංග යෝජනාව සම්මත කරගත් ආකාරය පිළිගන්නේ නෑ – ජනපති

එක්සත් ජාතික පෙරමුණ ඇතුලු විපක්ෂය දෙවෙනි වරටත් ගෙන ආ විශ්වාසභංග යෝජනාව සම්මත කරගත් ආකාරය පිළිනොගන්නා බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ප‍්‍රකාශ කළා.

ඒ ඊයේ රාතී‍්‍රයේ පැවැති ආණ්ඩු පක්ෂ මන්තී‍්‍ර කණ්ඩායම සමඟ පැවැති සාකච්ඡාවේදී. රනිල් වික‍්‍රමසිංහ මහතා යළිත් අග‍්‍රාමාත්‍ය ධුරයට පත් නොකරන බවත් ජනාධිපතිතුමා ආණ්ඩු පක්ෂ මන්තී‍්‍ර කණ්ඩායමට දැනුම් දුන් බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ.

එමෙන්ම විපක්ෂය බහුතරය පෙන්වූ ආකාරය ද ජනාධිපතිතුමා ප‍්‍රතික්ෂේප කළ බවයි ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පෙන්වාදුන්නේ. කථානායක කරූ ජයසූරිය මහතා යළි ස්ථාවර නියෝග කඩකළ බවට ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා චෝදනා කරනවා. ඒ ඊයේ පාර්ලිමේන්තු සිද්ධිය ද සිහිපත් කරමින්.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග වලට අනුව කථානායකවරයා කටයුතු නොකරනතාක් අර්බුදය පැවතිය හැකි බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර නිමල් ලන්සා මහතා පෙන්වාදුන්නේ.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ සහ විපක්ෂයේ තවත් පක්ෂ කිහිපයක මන්තී‍්‍රවරුන් පිරිසක් යළි ජනාධිපතිතුමා හමුවීමට ඉල්ලීමක් කර තිබෙනවා.

ඊයේ පස්වරුවේ කළ මෙම ඉල්ලීම ජනාධිපතිතුමා තරයේ ප‍්‍රතික්ෂේප කළ බවයි අමාත්‍ය එස් බී දිසානායක මහතා ප‍්‍රකාශ කළේ.

මීටපෙර විපක්ෂ මන්තී‍්‍ර කණ්ඩායම සමඟ පැවැති සාකච්ඡාවේදී ව්‍යවස්ථානුකූලව සහ පාර්ලිමේන්තු සම්ප‍්‍රදායට අනුව කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා දැනුම් දුන්නා. එසේ නොකිරීම නිසා විපක්ෂ මන්තී‍්‍ර කණ්ඩායම තමන් හමුවීමට කළ ඉල්ලීම ජනාධිපතිතුමා ප‍්‍රතික්ෂේප කළ බවයි එස් බී දිසානායක මහතා පවසන්නේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 17, 2018 10:03
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්