ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ 3 වන දිනය නිමාවන විට එක් කඩුල්ලක් අතැතිව සංචාරක එංගලන්ත කණ්ඩායම ලකුණු 278 ක් ඉදිරියෙන් සිටිනවා.
පල්ලේකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාපිටියේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 290 ක් ලබා ගත්තා. ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 336 ක් ලබා ගැනීමට සමත්වුණා. ඒ අනුව ලකුණු 46 ක් පිටුපසින් සිටිමිනුයි එංගලන්ත කණ්ඩායම සිය දෙවන ඉනිම ආරම්භ කළේ. අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරගය 3 වන දිනයට නතර කරන විට එංගලන්ත කණ්ඩායම කඩුලු 9 ක් දැවී ලකුණු 324 ක් ලබාගෙන සිටියා. නායක ජෝ රූට් අනගි ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 124 ක් ඉනිමට එක් කළා. සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීම සටහන් කර ගනිමින් අකිල ධනංජය කඩුලු 6 ක් දවා ගැනීමට සමත්වුණා. දිල්රුවන් පෙරේරා කඩුලු 2 යි. තරගයේ පන්දුවෙන් පන්දුව සජීව තොරතුරු ගෙන එන්නේ ලක්හඬ ගුවන් විදුලියයි.