Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනාධිපතිගෙන් නිවේදනයක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 16, 2018 14:30

ජනාධිපතිගෙන් නිවේදනයක්

ශ්‍රී‍්‍ර ලංකා පාර්ල්මේන්තුවේ වර්තමාන සැසිවාරය කුමන හේතුවක් නිසා හෝ අවසන් කිරිමට කටයුතු නොකරන බව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා දන්වා සිටිනවා. ඒ විශේෂ නිවේදනයක් නිකුත් කරමින්.

පාර්ලිමේන්තුව අද පස්වරු 1.30 ට රැස්වීමටයි නයමිතව තිබුණේ. කෙසේ වෙතත් ඊයේ (15) සභාවට පිහි රැගෙන ආ පාර්ලිමේන්තු මන්ති‍්‍රවරුන් වන පාලිත තෙවරපපෙරුම සහ රංජන් රාමනායක යන මහත්වරුන් අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් ආණ්ඩු පක්ෂ මන්ති‍්‍රවරුන් විරෝධතාවක් ආරම්භ කළා. ඒ අනුව සභාව ආරම්භ කිරිමට නොහැකිවීම හේතුවෙන් දැඩි පොලිස් රැකවල් මධ්‍යයේ කථානායකවරයා සභාවට පැමිණීමට උත්සාහ කළා.

ඒ වේත‍්‍රධාරි නිලධාරියා සෙංකෝලය ද රැගෙන එමින්. කෙසේ වෙතත් කථානායක අසුන වෙත ළඟාවීමට ඔවුන්ට නොහැකි වුණා. මේ නිසා සභාවේ ඉහල කෙලවරක සිට කිසියම් යෝජනාවක් සම්මත කර ගැනීමට උත්සාහ දැරීමත් සමඟ යළි පාර්ලිමේන්තුව නොසන්සුන් වුණා.

පාර්ලිමේන්තුව ලබන මස 19 වනදා දක්වා කල් තැබීමටයි කථානායකවරයා දැනුම් දුන්නෙ ඉන් අනතුරුව ජනාධිපතිතුමා ශ්‍රී‍්‍ර ලංකා පාර්ලිමේන්තුවේ වර්තමාන සැසිවාරය කුමන හේතුවක් නිසා හෝ අවසන් කිරිමට කටයුතු නොකරන බවට සදහන් කළ විශේෂ නිවේදනය නිකුත් කර තිබෙනවා. තවමත් සභාවේ පවතින්නේ නොසන්සුන්කාරි තත්ත්වයක්.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 16, 2018 14:30
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්