යුධ හමුදාව සතුව තිබූ තවත් ඉඩම් හෙක්ටාර 23 ක් මහජනතාවට යළි පවරා දීමට තීරණය කර තිබෙනවා. වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 612 වන බලසේනාවේ විසිවන සිංහ රෙජිමේන්තුව යටතේ පැවති ඉඩම් කොටසක් මුලතිව් දිස්ති්රක් ලේකම් රූපවතී කේධීෂ්වරන් මහත්මියට භාරදීම ඊයේ (15) සිදුවුණා. මුලතිව් මාන්තෙයි ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මුන්ඩිරිප්පුව රක්ෂිත සීමාවේ පැවති ඉඩම් කොටසක් සිවිල් ජනතාවට ලබාදීමයි එහිදි සිදුවන්නෙ.