පාර්ලිමේන්තු සම්පාදයට ගරු කරමින් තම බහුතරය නීත්‍යානුකූලව පෙන්වන ලෙස ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා විපක්ෂ නියෝජිතයන්ට දැනුම්දීමක් කර තිබෙනවා. ඒ ඊයේ රාතී‍්‍ර කථානායක කරූ ජයසූරිය, එක්සත් ජාතික පෙරමුණ සහ දෙමළ සන්ධාන නියෝජිතයන් අතර ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවේදී.
පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවේ අංක එක වගන්තිය ඉවත් කර එය අද දිනයේ යළි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස ද ජනාධිපතිතුමා මෙහිදී එම කණ්ඩායමට දැනුම්දුන්නා.
පාර්ලිමේන්තුවේ බහුතරය තමන් සතු බව ප්‍රකාශ කළ එම පක්ෂ නායක කණ්ඩායම එය පිළිගන්නා ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියා. තමා සෑම විටම ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන බවයි එහිදී මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අවධාරණය කළේ.
පාර්ලිමේන්තුව තුළ සාමය තහවුරු කරමින් ප්රජාතන්ත්රවාදී සහ ස්ථාවර නියෝග වලට අනුව කටයුතු කරන ලෙස ද ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියා.
ඊයේ පස්වරුවේ ජනාධිපතිතුමා සමඟ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයට සහාය දක්වන පක්ෂ සහ රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡාවක් පැවැති බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර මනෝ ගනේෂන් මහතා ප්‍රකාශ කළේ.